28 C
Colombo
Sunday, September 15, 2024

දුරකථන සිම්පත් ගැන දැනුම්දීමක්

- Advertisement -

ජංගම දුරකථන භාවිත කරන සෑම පාරිභෝගිකයෙකුම නිසි පරිදි තම සිම්පත ලියාපදිංචි කරගත යුතු බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

අද (12) මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (අනුකූලතා) මේනකා පතිරණ මහත්මිය මේ බව සඳහන් කළා.

දැනට භාවිතා නොකරන සිම්පත් සහිත දුරකථන සමාගම් සම්බන්ධ කරගැනිමෙන් තමාගේ නමින් සිම්පතක් ලියාපදිංචි වී තිබේද යන්න පරික්ෂා කර ගැනීමේ හැකියාව පවතින බව මේනකා පතිරණ මහත්මිය පවසා සිටියා.

තමාගේ නමින් නොදැනුවත්ව දුරකථන සිම්පත් නිකුත්වී ඇත්නම් ඒවා විසන්ධි කිරීමට වහාම කටයුතු කරන ලෙස පැවසු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරිය ජාතික හැඳුනුම්පත් අංකය යටතේ අනුදැනුමකින් තොරව සිම්පත් නිකුත්වී ඇත්නම් ඒවා විසන්ධි කිරීම ඉතාම වැදගත් වන බව තවදුරටත් සඳහන් කළා

RECENT ARTICLES - SINHALA

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

ජනාධිපතිවරණයට අදාළව තවත් පැමිණිලි 184ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කළේ, ගතවූ පැය 24 තුළ...

සජිත්ගේ ආරක්ෂක රථයක ගැටී දෙදෙනෙක් රෝහලට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂක අංශයට යොදවා තිබු ආරක්ෂක අංශ රථයක යතුරු පැදියක් ගැටිමෙන් දෙදෙනෙකු තුවාල ලබා අම්පාර මහා රෝහලට ඇතුලත් කර තිබෙනවා....

මෙරටට එන අමෙරිකානුවන්ට විශේෂ පණිවිඩයක්

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා....

POPULAR ARTICLES

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...

බදුල්ලේ බිහිසුණු අනතුරක්

බදුල්ල නගර මධ්‍යයේ ඇති මුතියංගණ රජමහා විහාරය ඉදිරිපිට දී අද පෙරවරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. වේගයෙන් ධාවනය කල මෝටර් රථයක් ඉදිරියෙන් අපරීක්ෂාකාරීව හැරවූ යතුරු පැදියකද...