25 C
Colombo
Wednesday, September 27, 2023

පොලිසියෙන් ක්‍රීඩා ලෝලීන්ට දැනුම්දීමක්

- Advertisement -

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය අද (17) ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එම තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන්ගේ පහසු සඳහා ක්‍රීඩාංගණයේ දොරටු අද දහවල් 12 සිට විවෘතව තබන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, අද දිනයේ ඛෙත්තාරාම ක්‍රීඩා පිටිය ආසන්නයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවය.

“ඔබ වාහනයකින් එනවා නම් ඔබට කෙත්තාරාම මංසන්ධියේ දී වාහනවලින් බැසීමට සිදුවනවා. ඉන්පසුව අදාළ රථගාල් තියෙනවා 10ක් පමණ. මෙම රථගාල්වල වාහන නතරකිරීමේ හැකියාව තියෙනවා. කිසිම ආකාරයෙන් තැරැව්කරුවන්ට මුදල් ලබාදීමට අවශ්‍ය නෑ. එම රථගාල්වල ඔබට රථය නතර කළ හැකියි කිසිදු මුදල් ගෙවීමකින් තොරව.”

“ඒ වගේම ඔබට ඇතුළුවිය හැක්කේ ප්‍රවේශපත්‍රයක් ඔබ සතුව තිබෙනවා නම් පමණයි. කිසිම හේතුවක් නිසා ඇතුළු වන දොරටුවලින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදුකරන්නේ නෑ. ඒ වගේම ව්‍යාජ ප්‍රවේශ පත්‍ර අලෙවි කරනවා යම් යම් පුද්ගලයින් ක්‍රීඩාපිටිය අවට ඒවා මිලදී ගන්න යන්න එපා. පසුගිය දිනවලත් එවැනි ව්‍යාජ ප්‍රවේශපත්‍ර විවිධ මිල ගණන්වලට විකුණපු අවස්ථා වාර්තා වෙලා තිබුණා. ඔබ දොරටුවකින් ඇතුළු වෙද්දි ප්‍රවේශපත්‍රය පරීක්ෂා කරනවා QR කෝඩ් එක.”

“යම් ආකාරයකින් ක්‍රිකට් තරගය නැරඹීමට ඇතුළුවීමට නොහැකි අය මාළිගාවත්තේ පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණයේ සහ ගාලුමුව දොර තිර දෙකක් සවිකර තිබෙනවා. ඒ අයට එම තිර ඉදිරිපිට ක්‍රීඩා තරගය නැරඹීමට හැකියාව තියෙනවා.”

“ඔබ ප්‍රවේශපත්‍රයක් අරන් යද්දි ඔබගේ ශරීරය පරීක්ෂාවකට ලක්කරනවා. ගමන් මලු පරීක්ෂා කරනවා. ඒ වගේම උල් ආයුධ අරන් යන්න දෙන්නේ නෑ. ඒ වගේම වීදුරු වතුර බෝතල් ගෙනියන්න දෙන්නේ නෑ. ගිනිපෙට්ටි, නලා, පෝස්ටර්, ලයිටර් හෝ ගෑස් අඩංගු දෑ සහ ආරක්ෂාවට බාධා වන කිසිදු දෙයක් ගෙනියන්න බෑ. එමෙන්ම හෙල්මට්, ජැකට් ගෙනියන්න බෑ. මේ ගැන සැලකිලිමත් වෙන්න.”

RECENT ARTICLES - SINHALA

CIDයේ වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිළියක් තුළ තිබී වේදනානාශක ඖෂධ පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. අවස්ථා තුනකදී එලෙස වේදනානාශක ඖෂධ පෙති සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා. එම ඖෂධ...

කල්පිටිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීමෙන් එක් ගුවන් භටයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් අයකු තුවාල ලබා ගත රෝහල් ගත...

අල්ලස් ගත් සුරා බදු නිලධාරීන්ගේ වැඩ තහනම්

බීඩි නිෂ්පාදකයකුට පහරදී අල්ලස් ගැනීමට උත්සහ දැරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල සුරාබදු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිවුදෙනාගේ වැඩ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් තහනම් කර...

POPULAR ARTICLES

බැංකුවල ණය පොළී අනුපාතයේ වෙනසක්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට...

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. RM Parks සමාගම යනු ලෝ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන්...