29 C
Colombo
Friday, May 17, 2024

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාවක්

- Advertisement -

ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වරාය දක්වා මෙම මගී යාත්‍රා සේවය වසර 40කට පසුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී නැවත ආරම්භ කරනු ලැබුවා.

කෙසේවෙතත්, මෝසම් වැසි හේතුවෙන් සතියකට පමණ පසු එම සේවය තාවකාලිකව අත්හිටවනු ලැබූ අතර යළිත් ලබන 13 වනදා සිට එය ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව, මැයි මස 13 වන දින සිට නොවැම්බර් මස 15 වන දින දක්වා නාගපට්නම් වරායේ සිට කන්කසන්තුරය දක්වා මුහුදු ගමන් සඳහා වන ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීම ද ආරම්භ කර ඇති බව සඳහන්.

එක් ගමන් වාරයක් සඳහා අමෙරිකානු ඩොලර් 50ක මුදලක් අය කරන අතර, සියලු මගීන්ට ගාස්තුවකින් තොරව කිලෝග්‍රෑම් 60ක ගමන් මලු එමඟින් රැගෙන යාමට අවස්ථාව හිමිව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

යතුරුපැදියක් මතට ගසක් කඩා වැටී සැරයන්වරු දෙදෙනෙක් රෝහලේ

පොලිස් රථවාහන අංශයේ සැරයන්වරුන් දෙදෙනෙකු ගමන් කළ යතුරු පැදියක් මතට විශාල ප්‍රමාණයේ මාර ගසක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා...

සුරක්ෂා රක්ෂණය යළිත්

සුරක්ෂා රක්ෂණය යළි ආරම්භ කරන බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා. 2017 වසරේ ආරම්භ කෙරුණු සුරක්ෂා රක්ෂණය 2022 වසරේ දී නවතා...

හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක සජබයට 

හිටපු යුද හමුදාපති, විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේගය සමග එක්වී...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...