පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මුගුරුකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
ඊයේ (10) එම ඝාතනය සිදුව ඇත්තේ, සිරිපාගම – දකුණ මැල්කැල්ල – තවානවත්ත ප්‍රදේශයේ දීයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ, මල්වත්ත – ඉලුක්වත්ත – ගිලීමලේ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක්.
පොලිසිය පැවසුවේ, පහරදීම සිදු කළ 30 හැවිරිදි පුද්ගලයා එම ප්‍රදේශයේ ම පදිංචි අයෙකු බවත් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් සිරිපාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා.