31 C
Colombo
Saturday, July 27, 2024

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු මරුට

- Advertisement -

ගලහ, නිල්ලඹ යෝගලෙච්චමී වත්තේදී ඊයේ (12) පුද්ගලයෙක් සිය බාල සොහොයුරාව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස සිය සොහොයුරා​ව ඝාතනය කර ඇත්තේ, ඉඩම් ආරවුලක් මුල් කරගනිමින්.

එහි​දී ඝාතනයට ලක්වී ඇත්තේ 35 හැවිරිදි ක්‍රිෂ්ණසාමී කරුණානිධි නම් පුද්ගලයෙක්.

ඔහුගේ සොහොයුරා වන ඒසුදාසන් තිදරු පියෙකු වන අතර ඔහු කලක් බන්ධනාගාරගතව සිට නිදහස ලබා අනුරාධපුරයේ තනිව ජීවත්වෙමින් සිටි පුද්ගලයෙක් බවයි වාර්තාවන්නේ.

ඒ අතරතුර සිය පියාට අයත් ඉඩමක් සිය අවිවාහක සොහොයුරා විකුණා ඇති බවට සැළවීමත් සමග ඔහු ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ කරුණානිධිගේ නිවසට පැමිණ ආරවුලක් ඇති කරගෙන තිබෙනවා.

අසල්වැසියන් පවසන්නේ, රාත්‍රිය පුරා පැවති ගැටුමෙන් පසු ඊයේ අලුයම 2 පමණ සිට පැවති නිහඬතාවය සම්බන්ධයෙන් සැක සි​තී ඒ පිළිබඳව සෝදිසි කිරීමේදී තුවාල සහිතව දෑත් ගැටගසා බිම වැටී තිබූ කරුණානිධිගේ මළ සිරු​ර දුටු බවයි.

මුගුරු, තියුණු ආයුධ, ගල් සහ වීදුරු බෝතල්වලින් පහරදී මෙම ඝාතනය සිදුකර තිබෙන බවට සාක්ෂි හමුවී තිබෙනවා.

එහි​දි සොහොයුරාට පහරදී පළායමින් සිටි ඒසුදාසන් නමැති පුද්ගල​යා අසල්වැසියන් විසින් අල්ලා ගලහ පොලීසියට භාරදී තිබුණා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...