මීරිගම පොලිස් වසමේ විල්වත්ත හා අඹේපුස්ස දුම්රිය ස්ථාන අතරදී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මරණකරු ඊයේ (16) උදෑසන කොළඹ සිට රඹුක්න බලා ධාවනය වූ දුම්රියේ ගැටී තිබෙනවා.
එලෙස මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 62ක් පමණ වන අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැති බව පොලීසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මීරිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.