31 C
Colombo
Saturday, July 27, 2024

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

- Advertisement -

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා.

පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම් වූ හිටපු පොලිස් සැරයන්වරයෙක්.

වසර 17ක් පොලීසියේ සේවය කළ හිටපු සැරයන්වරයාගේ ආදායම් මාර්ගය වූයේ ගොඩනැගිලි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙකු යටතේ සේවය කිරීමයි.

පසුගිය 14වනදා රාත්‍රියේ වැඩ නිමවීමෙන් පසුව ඔහු තවත් කිහිපදෙනකු සමග රාත්‍රි ආහාර ගැනීම සඳහා කොහුවල ආපනශාලාවක් වෙත ගොස් තිබුණා.

හිටපු පොලිස් සැරයන්වරයා එවිට පැළඳ සිට තිබුණේ ශ්‍රී ලංකා පොලීසියේ සේවය කරන කාලසීමාව තුළ ලබාගත් පොලිස් නිල ලාංඡනය සහිත ටී ෂර්ටයක් බවයි සඳහන් වන්නේ.

එම අවස්ථාවේ පොලිස් නිල ඇඳුමෙන් සිටි නිලධාරීන් දෙදෙනෙකු සහ සිවිල් ඇඳුමෙන් සැරසී සිටි නිලධාරීන් 6 දෙනෙකු පමණ එම ආපනශාලාව තුළ ආහාර ගනිමින් සිට තිබුණා.

පසුව එම නිලධාරීන්, හිටපු පොලිස් සැරයන්වරයාගෙන් පැළඳ සිටි ටී ෂර්ටය සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබෙනවා.

එහිදී ඔහු පවසා තිබුණේ, තමා වසර 17ක් පොලිස් සේවයේ නිරතව සිටි පුද්ගලයෙකු බවයි.

අනතුරුව එම පොලිස් නිලධාරීන් අදාළ හිටපු පොලිස් සැරයන්වරයා කොහුවල පොලිස් ස්ථානය පිටුපසට ගෙන ගොස් පහරදී පොලිස් සිරමැදිරියට දමා තිබුණා.

පහරකෑමට ලක්වූ හිටපු සැරයන්වරයා රෝහල්ගත කර තිබුණේ, කොන්ත්‍රාත් සමාගමේ පුද්ගලයින් විසින්.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද (18) පෙරවරුව් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටවගොස් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...