27 C
Colombo
Sunday, November 3, 2024

තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකුව ඝාතනය කරලා

- Advertisement -

අද (03) අලුයම ඊච්චලම්පත්තුව පොලිස් වසමේ ඉලංගතුරේ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ඊච්චලම්පත්තුව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මූතූර් රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබෙන බවයි.

එලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි ඉලංගතුරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය කර ඇති අතර, ඝාතනය සිදුකළ සැකකරුවන් හඳුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඊච්චලම්පත්තුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇති.

RECENT ARTICLES - SINHALA

බස් අනතුරට හේතුව කාර්මික දෝෂයක්ද?

බදුල්ල, දුන්හිඳ බස් රථ අනතුර සිදුවූයේ කාර්මික දෝෂයකින්ද, නැතහොත් රිය ධාවනයේ අපරික්ෂාකාරී බව හේතුවෙන්දැයි සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ 34 දෙනෙකු...

මහමැතිවරණයේ ඡන්දෙ දාන විදිය මෙන්න

2024 මහමැතිවරණයේදී ඡන්දය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව මොනරාගල, පොළොන්නරුව සහ කෑගල්ල මැතිවරණ කොට්ඨාසවල...

පොලිස් නිළධාරියෙක්ට කඩු ප්‍රහාරයක්

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලක් විභාගකිරීම සඳහා පැමිණෙන ලෙස දැනුම්දීමට ගිය පොලිස් නිලධාරියෙක්ට පුද්ගලයෙකු විසින් කඩුවකින් පහර දී තිබෙනවා. පානදුර දකුණ පොලිසියේ රථවාහන අංශ...

POPULAR ARTICLES

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස් එකේද? – රනිල්

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තේරිම ජනතාවට අයිති වැඩක් බවත්, පාර්ලිමේන්තු සුද්ද කරනවා යනුවෙන් තර්ජනය කිරීම අගමැතිනියට යුතු නොවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවරදී...

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ලොහාන්ට අමාත්‍ය ධූරයක්

0
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (31) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණා. එහිදී මාධ්‍යවේදීන් මේ වන...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීම ගැන කළ CID පරීක්ෂණවල දැන් තත්වය

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කළ විමර්ශනය පිළිබඳ නිරීක්ෂණ දෙන ලෙස පැමිණිලිකරුවන්ට දැනුම් දී තිබෙනවා. මානව හිමිකම්...