නිවසක සුරතලයට ඇති කළ සුනඛ ධේනුවක් ගිනි තබා ඝාතනය කළ බවට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා
ඒ ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ 65 හැවරිදි පුද්ගලයෙක්.
එම සැකකාර පුද්ගලයාගේ නිවසේ සිටින ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයා සමඟ මෙම සුනඛ ධේනුව හැසිරුණා යැයි උරණ වී පසුගිය 10 වනදා රාත්‍රියේ මෙම ගිනි තැබිම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ගිනි තැබීමෙන් දැඩිලෙස පිළිස්සුම් තුවාල ලැබූ සුනඛයා සත්ව රෝහලට ඇතුළත් කරන අතරතුර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඝාතනය වූ සුනඛ ධේනුවගේ හිමිකරුවන් සිද්ධිය සම්බන්ධයෙන් යක්කල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව විමර්ශන කළ පොලිස් නිලධාරින් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඊයේ (12 ) අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
සැකකරු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.