32 C
Colombo
Friday, June 2, 2023

ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

- Advertisement -

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ හඩ නගා විරෝධතාවයක් දැක්වූ පුද්ගලයෙක් හඹා ගොස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෝමාගම පොලීසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හෝමාගම පිටිපන උතුර ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවයි.

අදාළ පුද්ගලයා හෝමාගම දෙස සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ මොරගහහේන දෙසට සිය ලොරි රථයකින් යමින් සිටි අවස්ථාවේ දී පිටිපන හන්දියේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ සහභාගීතත්වයෙන් උත්සවයක් පවත්වා තිබෙනවා.

ඔහු එහිදී හූ හඬ නගමින් ඇමතිවරයා ඇතුළු පිරිසට විරෝධතාව දක්වමින් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුව පොලීසිය එම ලොරි රථය හඹා ගොස් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර සනාදරය ඇති කිරීම, ආගමික උත්සවයකට බාධා කිරීම, ආගම ඇදහීමට ඇති අයිතියට අභියෝග කිරීම යන චෝදනා යටතේ හෝමාගම අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

මාගේ සේවය රටට අවශ්‍යය නම් ඕනෑම මොහොතක ලබා දෙනවා – මහින්දානන්ද අලුත්ගමගේ

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ...

ඇමති කංචනගෙන් ඛනිජ තෙල් සේවකයන්ට විශේෂ නියෝගයක්

සියළුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් අයුරින් තොග සැපයීම සඳහා මේ සති අන්තයේ දින දෙකේ දී ද ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන...

සංචාරක මඟ පෙන්වන්නෙකු අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට

සංචාරක මඟ පෙන්වන්නෙකු ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල පොලීසිය කියා සිටියේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි තඩියා යන අන්වර්ථ...

RECENT ARTICLES - ENGLISH

Presidential Pardon for 440 on Poson Poya Day

0
Prisons Spokesperson Chandana Ekanayake, a group of 440 prisoners is scheduled to be released tomorrow (03) as part of a presidential pardon...

President seeks patience of Public for a little longer

0
President Ranil Wickremesinghe said by persisting a little longer on the current trajectory, an economically stable future could be achieved devoid of...

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...