27.9 C
Colombo
Tuesday, May 13, 2025

අල්ලපු ගෙදරින් විදුලිය ගන්න ගිය පුද්ගලයෙක් මරුට

- Advertisement -

තම නිවසේ විදුලිය විසන්ධි විම නිසා යාබද නිවසකින් විදුලිය ලබා ගැනිමට ගිය පුද්ගලයෙකු විදුලි සැර වැදි අද (24) පස්වරුවේ මියගොස් ඇතැයි හිනිදුම පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ, හිනිදුම, කුඹුරේගොඩ, හබරකඩ, තවලම පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුගේ නිවසේ විදුලිය විසන්ධිවිම නිසා එම නිවසට යාබදව පිහිටි නිවසින් වයරක් ඇද විදුලිය ලබා ගැනිමට වයරය සවි කිරිමේදි විදුලි සැර වැදි මියගොස් තිබුණා.

ප්‍රතිකාර සඳහා ඔහුව නෙළුව – මැදගම රෝහලට ගෙන ගොස් ඇති අතර, වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බවයි.

පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සඳහා මළ සිරුර හෙට කරාපිටිය රෝහල වෙත ගෙන ඒමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් හිනිදුම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

බස් රථයක් අනතුරක – 20ක් රෝහලේ

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී අද (12)...

ටීචර් අම්මව හොයන්න පොලිස් කණ්ඩායම් 3ක්

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ හෙවත් හයේෂිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් 3 ක් යොදවා ඇති බව පොලීසිය පවසනවා. පොලිසිය පවසන්නේ, සැකකාරිය...

BMW ජීප් රියක් දුම්රියේ ගැටී අනතුරක්: 4ක් රෝහලේ

අහංගම, කබලාන ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී BMW වර්ගයේ ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද (12) දහවල් මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන...

POPULAR ARTICLES

බස් රථයක් අනතුරක – 20ක් රෝහලේ

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී අද (12)...

චමරි අතපත්තුට දඩයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් සියයට 10 ක දඩයක් නියම කර තිබෙනවා. ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී පසුගිය සිකුරාදා...