25 C
Colombo
Saturday, January 18, 2025

දේශබන්දු පොලිස්පති ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

- Advertisement -

ජනාධිපතිවරයා විසින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින්, නීතීඥයන් දෙදෙනෙකු ඊයේ (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

අමිල එගොඩමහවත්ත සහ මනෝජ් නානායක්කාර යන නීතීඥයන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබුණා.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව පසුගිය දෙසැම්බර් 14 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවට අනුව, ඔහුට පොලිස් සේවයේ කිසිදු උසස්වීමක් ලැබීමට වරම් නැති බව පෙත්සම් කරුවන් පෙන්වා දෙනවා.

අත්අඩංගුවේ පසු වූ පුද්ගලයෙකුට වධ හිංසා පැමිණවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව තීන්දුවක් ලබා දුන් අතර, ඔහුට එරෙහිව අවශ්‍ය විනය පියවර ගන්නා ලෙස ජාතික පොලිස් කොමිසමට නියෝග කර තිබුණා.

ඒ අනුව, මෙම සියලු  කරුණු සැලකිල්ලට ගනිමින්, දැනට වැඩබලන පොලිස්පති ධූරයේ කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් ඉවත් කරන ලෙසට නියෝග කරන් ලෙස  පෙත්සම් කරුවන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...

දුම්රිය ආසන වෙන් කිරීම ගැන දැනුම් දීමක්

දුම්රිය ආසන වෙන් කිරීමේ දී මඟියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා...

POPULAR ARTICLES

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

සටන් විරාමයට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩල අනුමැතිය

ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය,  ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කර තිබෙනවා. සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඊශ්‍රායල...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...