ඊසාන දිග බ්‍රසීලයේ වෙරළ තීරයට ඔබ්බෙන් වූ බෝට්ටුවක තිබී නරක් වූ මළසිරුරු විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ මළසිරුරු 20කට ආසන්න ප්‍රමාණයක් එහි ඇති බවට අනුමාන කරන බවයි.
මළසිරුරු නරක් වීම හේතුවෙන් බෝට්ටුවේ කොපමණ සංඛ්‍යාවක් මියගොස් ඇතිද යන්න සම්බන්ධයෙන් නිශ්චිතව නොදන්නා බව බ්‍රසීල බළධාරීන් උපුටා ගනිමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
විමර්ශකයින් පවසන්නේ අදාළ පිරිස බ්‍රසීල ජාතිකයන් විය නොහැකි බවට අනුමාන කරන බවත් ඔවුන් බොහෝ දුරට කැරිබියන් දූපත්වල සිට පැමිණි පුද්ගලයින් විය හැකි බවයි.