27 C
Colombo
Thursday, April 24, 2025

තැඹිලි ගෙඩියක් රුපියල් 2000 කට දෙන්න සැලසුමක්

- Advertisement -

තැඹිලි ගෙඩියක් රුපියල් 2000ක මුදලකට අපනයනය කිරීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අපනයනය ඉළක්ක කර ගනිමින් තැඹිලි වගා කිරීමේ දෙවන ගම්මානය මුරුතවෙල රළුව ගම්මානය ආශ්‍රිතව ස්ථාපිත කිරීම ඊයේ (25) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් සිදු වුණා.

තැඹිලි අපනයනය සඳහා වගා කිරීමේ පළමු ගම්මානය පහල මුරුතවෙලින් පසුගිය වසරේ දී ආරම්භ වූ අතර මෙම ගම්මාන දෙක තුළ තැඹිලි පැළ 10,000ක් රෝපණය කිරීමට නියමිතයි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ තැඹිලි සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශාල ඉල්ලුමක් පවතින අතර ඊට අමතරව තවත් රටවල් ගණනාවකින් මෙරට නිෂ්පාදනය කෙරෙන තැඹිලි සඳහා ඉහළ ඉල්ලුමක් තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරනවා

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙරටින් සතියකට තැඹිලි ගෙඩි 252,000 ක් පමණ අපනයනය කෙරෙන අතර තැඹිලි අපනයනය කිරීමෙන් 2022 දී රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා තිබෙනවා.

එමෙන්ම පසුගිය වසරේ දී  (2023) තැඹිලි අපනයනය කිරීමෙන් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන හයක් බවයි වාර්තා වෙන්නේ.

තැඹිලි ශ්‍රී ලංකාවට ආවේණික බෝගයක් වන අතර රටවල් ගණනාවක් තැඹිලි වගාකිරීමට උත්සාහ කළ ද ශ්‍රී ලංකාවේ තැඹිලි තරම් උසස් රසයක් නොමැතිවීම නිසා එම උත්සාහයන් අසාර්ථක වී තිබෙනවා.

මේ නිසා තවමත් මෙරට තැඹිලි සඳහා ලෝක වෙළෙඳපොළ තුළ පවතින ඒකාධිකාරය ශ්‍රී ලංකාව සතුව පවතිනවා.

මෙම තත්ත්වයෙන් උපරිම ඵල නෙළා ගැනීම සඳහා තැඹිලි වැවිලි බෝගයක් ලෙස මින් ඉදිරියට වගා කිරීමටත් විශේෂයෙන් මුරුතවෙල ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් ඒ සඳහා යොදා ගෙන තිබෙනවා.

ඒ අනුව දෙවන තැඹිලි වගා ආදර්ශ ගම්මානය වශයෙන් රළුව ගම්මානයේ වගා කටයුතු සඳහා තැඹිලි පැළ 1,600ක් ඊයේ අමාත්‍යවරයා අතින් ගොවි ජනතාව වෙත බෙදා දී තිබුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මහින්ද අමරවීර අමාත්‍යවරයා,

“ලෝකයේ රසවත්ම තැඹිලි ශ්‍රී ලංකාවේ තැඹිලි වේ. එම නිසා Sri Lanka Sweet Coconut සන්නාමය සහිතව ඉදිරියේ දී මෙරට තැඹිලි ලොව තුළ ජනප්‍රිය කරවීම සඳහා පියවර ගන්නවා. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකසන ලෙස පොල් සංවර්ධන මණ්ඩලයට හා පොල් සංවර්ධන අධිකාරියට ලබා දීලා තියෙන්නේ. එමෙන්ම දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු රටවල් ගණනාවක අප රටේ තැඹිලි අලෙවි වන්නේ ගෙඩියක් රුපියල් 1,500 සිට 2,000 දක්වා වැනි මුදලකටය. අපේ රටේ තැඹිලි සඳහා ලොව කිසිදු රටකින් මෙතෙක් තරඟයක් එල්ල වී නැත. දැන් තරගය පවතින්නේ අප රටේ ව්‍යාපාරිකයින් අතරය. වසරකට තැඹිලි කන්ටේනර් 200ක් ඩුබායි වෙළෙඳපොළට අපනයනය කරනවා. දැනට අප රටට තැඹිලි අපනයනයෙන් එක් ගෙඩියකට ලැබෙන්නේ රුපියල් 1,000ක් වැනි අඩු මුදලකි. මෙම ප්‍රමාණය රුපියල් 2,000ක මට්ටමෙන් පවත්වාගෙන යාමට අපනයනකරුවන් එකඟතාවය පළ කළා. ඉදිරියේ දී අප රටේ ප්‍රධාන අපනයන බෝගය තැඹිලි බවට පත්වීම ඒකාන්තයි. දැනටත් ලෝකයේ ඇති ඉහළ ඉල්ලුමෙන් සියයට 02ක්වත් අපිට දෙන්න බැහැ. ඒ නිසා තැඹිලි වගාව රටපුරා ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා ලෙස තමන් පොල්  වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් දුන්නා”

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...