32 C
Colombo
Saturday, April 20, 2024

බැසිල් ඉල්ලා දේව කන්නලව්වක්

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමණේ ජාතික සංවිධායකවරයා වන බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට එන ලෙස ඉල්ලා දේව කන්නලව්වක් හා උද්ඝෝෂණයක් ඊයේ (3) සීනිගමදී පැවැත්වුණා.

දකුණු පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී ෂම්මු ආරියවංශ මහතා සංවිධානය කළ මේ දේව කන්නලව්වට හා උද්ඝෝෂණයට රත්ගම ප්‍රාදේශීය සභාපති ටී.නිමල්, රත්ගම ප්‍රාදේශීය සභාවේ සීනිගම කොට්ඨාස ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුවන් ප්‍රීතිකුමාර යන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හා රත්ගම පොදුජන පෙරමුණු පාක්ෂිකයින් පිරිසක් මේ අවස්ථාවට සහභාගීවුණා.

සීනිගම දේවාලයට ගිය මේ පිරිස බැසිල් රාජපක්ෂ මහතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්කිරීමට අදාළ බලධාරීන්ගේ සිත් පහල වේවා යයි ප්‍රාර්ථනා කරමින් අදාළ දේව කන්නලව සිදුකර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

සහන සේවාවලට ලබාදුන් ට්‍රැක්ටර් බවුසර් 5ක් අතුරුදන්

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි 33ක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හතරකින් අස්ථානගත වී ඇති බව වාර්තා වනවා....

නවසීලන්තයට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන් හි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව ශ්‍රී ලංකා...

උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමට

අද (20) දිනයේ මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ දිස්ත්‍රික්ක 4ක් හැරුණු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...