28 C
Colombo
Saturday, July 27, 2024

අල්ලස් ගත් විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට

- Advertisement -

දරුවන්ගේ උදෑසන ආහාර වේල සැපයීමේ කටයුත්ත කරගෙන යෑම සඳහා ආහාර වේල සැපයීමේ ටෙන්ඩරය ලබාගත් කාන්තාවගෙන් රුපියල් විදුහල්පති රුපියල් 30,000 අල්ලසක් ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් විදුහල්පතිවරයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඇහැලියගොඩ ප්‍රදේශයේ දමිළ පාසලක විදුහල්පතිවරයකු බවයි සඳහන් වන්නේ.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදී අදාළ විිදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් කෙමිසමේ නිලධාරියකු පවසනවා.

පාසැල් දරුවන්ට උදෑසන ආහාර වේල සැපයීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයකට අනුව ඇහැලියගොඩවත්ත ප්‍රදේශයේ දමිළ පාසලක ඉගෙනුම ලබන දරුවන්ට උදෑසන ආහාර වේල සැපයීම සඳහා කාන්තාවකට ටෙන්ඩරය ලබාදී ඇති බවත්, ඒ අනුව ඇය මාර්තු සහ අප්‍රේල් මාස සඳහා සැපයු ආහාර වේල් වලට ගෙවිය යුතු මුදල් ලබාදීමට නිර්දේශ කිරීම සඳහා සැකකාර විදුහල්පතිවරයා කාන්තාවගෙන් රුපියල් 50,000ක අල්ලසක් ඉල්ලා ඇති බවත් වාර්තා වනවා.

සැකකාර විදුහල්පතිවරයා මුලින් රුපියල් 20,000ක මුදලක් ලබාගෙන ඇති අතර, ඉතිරි රුපියල් 30,000ක මුදල ඉල්ලු අවස්ථාවේදී ලැබුණු පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදී විදුහල්පති නිල කාමරය තුළදී රුපියල් 30,000ක අල්ලස් ගන්නා විට සැකකරු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...