27.8 C
Colombo
Thursday, July 17, 2025

රුසියානු විදේශ ඇමතිගෙන් පොරොන්දුවක්

- Advertisement -

මේ දිනවල රුසියාවේ සංචාරයක යෙදෙන විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා එරට විදේශ අමාත්‍ය සර්යෙව් ලැව්රොෆ් මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.

එම හමුවේදී දෙරටට වැදගත් වන කරුණු සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරු දෙදෙනා අදහස් හුවමාරු කරගත් බව විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයේ දක්වා තිබෙනවා.

එමෙන්ම මේ වනවිට රුසියානු හමුදාව හා එක්වී සිටින ශ්‍රී ලාංකිකයින් මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී සබ්රි මහතා අදහස් දක්වා ඇති අතර ඔවුන් වෙනුවෙන් මැදිහත් වන ලෙස ඔහු රුසියානු විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබුණා.

තවදුරටත් ශ්‍රී ලාංකිකයින් රුසියාවේ හමුදා සේවයට බඳවා නොගන්නා බවට රුසියානු විදේශ අමාත්‍යවරයා පොරොන්දු වී තිබෙනවා.

එළැඹෙන ජූනි 26-27 දිනවල ඉහළ පෙළේ ශ්‍රී ලාංකික නියෝජිතයින් පිරිසක් රුසියානු බලධාරීන් සමග මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ගැරී ආනන්දසංගරීට LTTEයට සහාය දුන් බවට චෝදනාවක්

එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය පළකර ඇති බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. විදෙස්...

චෙම්මනිවල අපරාධයක් සිදුවෙලා – රාජ් සෝමදේව

චෙම්මනි සමූහ මිනී වළ ආශ්‍රිත ව නිල් පැහැති පොත් බෑගයක් හා සෙල්ලම් බඩුවලට සමාන භාණ්ඩ සමඟ සොයා ගත් මිනී අස්ථි කොටස් වයස අවුරුදු හතරත්...

ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට එසවීමට කටයුතු කරන්න

ක්‍රීඩාව දියුණු කිරීමට දායක වන ක්‍රීඩා සංගම් සමඟ ඒකාබද්ධවී ක්‍රීඩාව ජාතික මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටමට  ඔසවා තැබීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක...

POPULAR ARTICLES

ගැරී ආනන්දසංගරීට LTTEයට සහාය දුන් බවට චෝදනාවක්

එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය පළකර ඇති බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. විදෙස්...

අමෙරිකාවට ප්‍රබල භූ කම්පනයක්

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයට ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබෙනවා. රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ හේතුවෙන්...

චෙම්මනිවල අපරාධයක් සිදුවෙලා – රාජ් සෝමදේව

චෙම්මනි සමූහ මිනී වළ ආශ්‍රිත ව නිල් පැහැති පොත් බෑගයක් හා සෙල්ලම් බඩුවලට සමාන භාණ්ඩ සමඟ සොයා ගත් මිනී අස්ථි කොටස් වයස අවුරුදු හතරත්...