29 C
Colombo
Saturday, July 27, 2024

මල්වතුහිරිපිටය වෙඩිවැදී මියගිය පොලිස් නිලධාරියාට උසස්වීමක්

- Advertisement -

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා යාමේ දී වෙඩිවැදී රෝහල්ගතව සිටියදී මියගිය පොලිස් සැරයන්වරයාව උප පොලිස් පරීක්ෂක නිලයට උසස් කර තිබෙනවා.

එම නිලධාරියා මල්වතුහිරිපිටය පොලිස් වසමේ බටේපොළ ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා යාමේ දී වෙඩිවැදී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (11) මියගොස් තිබුණා.

පසුගිය සෙනසුරාදා අලුයම් කාලයේ මල්වතුහිරිපිටය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඇති වු ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් අදාළ සැකකරු පොලිස් නිලධාරියාගේ ගිනිඅවිය උඳුරා ගැනීමට උත්සාහ කර තිබෙනවා.

එහිදී ගිනිඅවිය ක්‍රියාත්මක වීම හේතුවෙන් පොලිස් නිලධාරියාට වෙඩි වැදීමත් සමග සැකකරු රාජකාරී ගිනිඅවියද රැගෙන පළා ගොස් ඇති බව සඳහන්.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහළට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

එහිදී මෙම පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු 51 හැවිරිදි ඉහළ ලුනුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...