28 C
Colombo
Saturday, July 27, 2024

රට හදන්න පාඨලීගෙන් යෝජනාවලියක්

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී  පාඨලී  චම්පික රණවක මහතා ගුණාත්මක රාජ්‍ය සේවයක් සඳහා අලුත්ම යෝජනාවලියක් ඉදිරිපත් කර තිබුණා.

ඔහු මෙම අදහස් පළ කළේ, ව්‍යාපාරිකයන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීයි.

ගුණාත්මක රාජ්‍ය සේවයක් සඳහා සැලසුම් එක්සත් ජනරජ පෙරමුණ සතු බවද ඔහු මෙහිදී සඳහන් කළා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“රට සංවර්ධනය සඳහා රාජ්‍ය සේවය ශක්තිමත් විය යුතුය. ඊට වර්තමානයේ පවතින ගැටලු විසඳීම අනිවාර්ය වෙයි. වසර 2005 දී ලක්ෂ හයක් වූ රාජ්‍ය සේවක සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 14 ක් දක්වා වැඩිවී ඇත. ඔවුන්ගේ සේවා කාර්යක්ෂමතාව වර්ධනය කිරීමෙන් රාජ්‍ය සේවයේ ඵලදායීතාව වර්ධනය කිරීමේ හැකියාව ඇත. එහිදී සේවා ගුණාත්මකභාවය පිළිබඳ දර්ශක මත පදනම් ක්‍රමයක් හඳුන්වාදීම සුදුසයි. වඩා කාර්යක්ෂම, නිවැරදි සහ ඉලක්ක සපුරා ගන්නා සේවකයන් සඳහා උසස්වීම් හා වැටුප් වර්ධක ලැබෙන ක්‍රමයක් සැකසිය යුතුය. දැනට සිදුවන්නේ වයස සහ සේවා කාලය මත පදනම් උසස්වීම් ක්‍රමයකි. එය දක්ෂතා සහ හැකියාව මත පදනම් වූ ක්‍රමවේදයක් දක්වා වෙනස්විය යුතුයි. එහිදී නිවැරදි, කාර්යක්ෂම සේවා සැපයීමට සේවකයන් පෙලඹෙනවා. ඔවුන් අතර තරගකාරීත්වයක් නිර්මාණය වන අතර සේවා ගුණාත්මකභාවයට එය වැදගත් වෙයි.”

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...