දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතාගේ නිවස ඉදිරිපිට අද (26) විරෝධතාවක් පවත්වා තිබෙනවා.
ඒ ඔහු ජාතිවාදය වපුරන බවට චෝදනා කරමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ඇතුළු පිරිසක් අද පස්වරුවේ බම්බලපිටිය රැජින මාවතේ පිහිටි අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතාගේ පෞද්ගලික නිවස වෙත පැමිණ තිබුණා.
එහිදී විරෝධතාවයේ නිරත නොවන ලෙසට පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ද ලබාගෙන තිබු බවයි සඳහන් වන්නේ.
මෙහිදී පොලීසිය මැදිහත්වී මන්ත්‍රීවරයාගේ නිවසට මීටර් 20ක් පමණ දුරින් විරෝධතාකරුවන් නවත්වනු ලැබු අතර එහි ආරක්ෂාව සඳහා පොලීසිය, කැරළි මර්දන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවද කැඳවා තිබෙනු දක්නට ලැබුණා.
පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වී පසුව පිරිස විසිර ගොස් තිබු බවයි වාර්තා වන්නේ.