හම්බන්තොට යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිතය සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවත් එම යෝජනාව ගැසට් පත්‍රයක් ලෙස මුද්‍රණය කිරීමට ගතවන කාලය නොඉවසා සිටීම ප්‍රෙහෙළිකාවක් බවත් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.
නිවේදනයක් නිකුත්කරමින් අමාතයවරයා සදහන් කරන්නේ රටට නව නීති රෙගුලාසි හදුන්වාදීමේදී සැළකියයුතු කාලයක් ගතවීම සාමාන්‍ය ස්වරූපය බවයි.
අදාල යෝජිත වන අලි කළමණාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලා ගොවීන් පිරිසක් මේ වන විට උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
යෝජිත ගැසට් පත්‍රය ක්‍රමවත්ව මුද්‍රණය කර ගැනීම සඳහා වූ ඉදිරි පියවරන්ට ආශීර්වාදාත්මක සහාය පළකරන ලෙස උපවාසයේ නිරතවන්නන්ගෙන් ඉල්ලා සිටින බවද අදාල නිවේදනයේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සදහන් කර තිබෙනවා.

