26 C
Colombo
Monday, May 13, 2024

සහල් සිද්ධිය ගැන කඩිනම් පරීක්ෂණයක්

- Advertisement -

රජය විසින් නොමිලයේ බෙදාහරින සහල් ප්‍රමිතියෙන් බාල සහ ජනතාවට අලෙවි කරන බවට එල්ල වන ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලේකම් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව ඇති ජන ඛණ්ඩායම් ඉලක්ක කොට ඔවුන් සඳහා සහල් සහනාධාරයක් ලබා දීමට රජය පසුගියදා තීරණය කරණු ලැබුවා.

මේ වැඩසටහන යටතේ පසුගියදා බදුල්ල දිස්ත්‍රික්කයේ බෙදා දෙන ලද සහල් තත්වයෙන් බාල ඒවා ලෙස ඇතැම් අය චෝදනා කළ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ අදාළ සහල් මුදලට විකිනීමක් සිදුව ඇතැයි චෝදනා එල්ල වී තිබෙනවා.

එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන් අවධානය යොමු කළ අග්‍රාමාන්‍ය දිනේෂ් ගුණවර්ධන මේ පිළිබඳව සොයා බලන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරන්න වෙත උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරන්න මහතා අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇත්තේ මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණ සිදු කොට ඊට අදාළ වාර්තාවන් සතියක් තුළ කඩිනමින් තමන් වෙත ලබා දෙන ලෙසයි.

එමෙන්ම ඉදිරියේදී මෙම වැඩසටහන වඩා විධිමත්ව සිදුවනවා ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ විමර්ශන ඛණ්ඩායමක් යෙදවීමටද අමාත්‍යංශය බලාපොරොත්තු වන බවට වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

ෆෝන් චාර්ජරයක් පස් හැවිරිදි දැරියකට මරු කැඳවයි

ජංගම දුරකථනය ආරෝපණය කිරීමට යාමේදී විදුලි සැර වැදීමෙන් පෙර පාසල් සිසුවියක මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ මග්ගොන, මුංහේන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු පහක පෙර...

වතු හාම්පුතුන්ට මුහුණ දෙන්න සූදානම් – ජීවන් තොන්ඩමන්

වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියා මාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල...

T20 ලෝක කුසලානයට යන කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...