26 C
Colombo
Sunday, May 19, 2024

චීනයේ ළමුන් සඳහා දුරකථන භාවිතයේ නියාමනයක්

- Advertisement -

වයස අවුරුදු 18ට අඩු ළමුන් සඳහා ස්මා(ර්)ට් ජංගම දුරකථන භාවිතය දැඩි ලෙස නියාමනය කිරීමට චීනය සූදානම් වන බවට වාර්තා වෙනවා.

ඒ අනුව ළමුන් සඳහා එම දුරකථන භාවිතය දිනකට උපරිම වශයෙන් පැය දෙකක් ලෙස සීමා කළ යුතු බව අන්තර්ජාලය නියාමනය කිරීම සඳහා ස්ථාපනය කර ඇති එරට ආයතනය පවසනවා.

ඒ හේතුවෙන් එරට අදාළ සමාගම්වල කොටස් මිල ශීඝ්‍ර ලෙස අද දිනයේ පහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරනවා.

ස්මාර්ට් ජංගම දුරකථන සඳහා ‘minor mode’ යනුවෙන් මෙවලමක් හඳුන්වා දෙන ලෙසට සයිබර් අවකාශය නියාමනය සඳහා එරට අධිකාරිත්වය හිමි ‘Cyberspace Administration of China’ පවසනවා.

එමගින් වයස අවුරුදු 18ට අඩු අයට ජංගම දුරකථනය යොදාගෙන රාත්‍රී 10 සිට උදෑසන 6 දක්වා කාලය තුළ අන්තර්ජාලයට පිවිසීම වළක්වන බව ඔවුන් පවසන්නේ.

නව නිර්දේශ අනුව අවුරුදු 16ත් 18ත් අතර වයස් කාණ්ඩය සඳහා දිනකට පැය 2ක් අවුරුදු 8ත් 16ත් වයස් කාණ්ඩය සඳහා දිනකට පැයක් සහ වයස අවුරුදු 8ට අඩු ළමුන් සඳහා දිනකට මිනිත්තු 8ක් වශයෙන් ජංගම දුරකථන භාවිතයට ඉඩ ලබාදීමට නියමිතයි.

නමුත් මෙම නිර්දේශ සඳහා සමාගම් සම්පූර්ණ වශයෙන් එකඟවී නොමැති බව ද වාර්තා වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...