26 C
Colombo
Sunday, May 19, 2024

රසායනික ප්‍රහාරයකට පෙරහුරුවක්

- Advertisement -

රසායනික, න්‍යෂ්ටික සහ පුපුරන ද්‍රව්‍ය ප්‍රහාරයකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව පුහුණු අභ්‍යාසයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ කොළඹ ජාතික රෝහල එක්ව ජාතික රෝහල් පරිශ්‍රයේදී අද (11) පවත්වා තිබෙනවා.

මෙම අභ්‍යාසයේ මූලික අරමුණ වන්නේ එවැනි හදිසි ආපදාවකදී අවම කාලයක් තුළ රෝගීන් ගුවනින් හෝ ගොඩබිමින් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම සහ ක්ෂණික ප්‍රතිකාර ලබාදීමේ පුහුණුවයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රසායනික ජීව විද්‍යාත්මක න්‍යෂ්ටික සහ පුපුරන ද්‍රව්‍ය පක්ශාංගය සහ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ එක්ව මෙම පුහුණු අභ්‍යාසය සංවිධානය කර තිබුණා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රසායනික ජීව විද්‍යාත්මක න්‍යෂ්ටික සහ පුපුරන ද්‍රව්‍ය පක්ශාංගයෙ අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් නිලේන්ද්‍ර පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් සහ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ කාර්ය මණ්ඩලය මෙම අභ්‍යාසයට සහභාගි වූ අතර කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් මෙම පුහුණු අභ්‍යාසය පවත්වා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...