29 C
Colombo
Saturday, July 27, 2024

කොටස් වෙළෙඳපොලේ කැපී පෙනෙන වර්ධනයක්

- Advertisement -

කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඊයේ (06) ඒකක 120.93ක කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව දිනය අවසන් වන විට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,310.78ක් ලෙසින් ඉහළ ගොස් තිබුණා.

මේ අතර S&P SL20 දර්ශකය ද ඊයේ දිනය තුළ ඒකක 57.58 කින් ඉහළ ගොස් තිබූ අතර දිනය අවසන් වන විට දී ඒකක 3,650.88ක අගයක් වාර්තා කළා.

සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනය සඳහා සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ලංකා දුම්කොළ සමාගම, හැටන් නැෂනල් බැංකුව සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව යන සමාගම්වලින් ඉහළ දායකත්වයක් ලැබී තිබුණු බව කොටස් වෙළෙඳපොළ සංඛ්‍යා දත්ත පෙන්නුම් කරනවා.

මේ අතර දිනය තුළ සමාගම් 132ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව ඉහළ ගොස් තිබුණු අතර මිල පහළ ගොස් තිබුණු සමාගම් ගණන 51ක්.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...