32.3 C
Colombo
Wednesday, February 28, 2024

ජනපති සටන අතරතුර කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක්..!

- Advertisement -

දේශපාලන පෙරළි මැද තීරණාත්මක දිශානතියකට ශ්‍රී ලංකාව යොමුව ඇති පසුබිමක කොළඹ කොටස් වෙළෙඳපොළෙහි කැපී පෙනෙන වර්ධනයක් ඊයේ (19) දිනයේ දී වාර්තා විය.

පාර්ලිමේන්තුව තුළින් නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහා නාම යෝජනා කැඳවීම ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී සිදු වූ අතර එහිදී විපක්ෂ නායකවරයා මෙම සටනින් අඩියක් පසුපසට ගොස් තමා සහ තම පිලේ සහාය පොදුජන පෙරමුණු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම වෙත ලබා දෙන බවට නිවේදනය කෙරුණි.

මේ අනුව වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ හා ඩලස් අලහප්පෙරුම අතර ද්වන්ධ සටහනකට සීමා නොවූ මෙම තීරණාත්මක ඡන්ද විමසීම තුන්කොන් සටනක් දක්වා මේ වන විට පත්ව ඇත්තේ පාර්ලිමේන්තුවේ ආසන 3ක් පමණක් ඇති ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානයක ද පොර පිටියට අවතීර්ණ වීම හෙතුවෙනි.

මෙහි අවසාන ප්‍රතිඵලය අද දිනයේ දී දැකගත හැකිවනු ඇත.

කෙසේවෙතත් මෙම පසුබිම තුළ ඊයේ දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ‌සියලු කොටස් මිල දර්ශකය ඒකක 107.51 ක වර්ධනයක් වාර්තා කළ අතර දිනය අවසානයේ දී එය ඒකක 7,644.12 ක් ලෙසින් සටහන්ව තිබුණි. එය පෙර දිනයට සාපේක්ෂව 1.43% ක වර්ධනයක් වේ.

මීට අමතරව S&P SL20 දර්ශකය ඒකක 36.38 කින් හෙවත් 1.50% කින් ඉහළ‌ෙ ගොස් ඒකක 2,459.45 ක් ලෙසින් සටහන්ව තිබේ.

රු. බිලියන 1.11 ක වටිනාකමකින් යුතු සමාගම් කොටස් ප්‍රමාණයක් ඊයේ දිනයේ දී ගනුදෙනු වී තිබුණි.

කොමර්ෂල් බැංකුව, රිචඩ් පීරිස්, සම්පත් බැංකුව, ලංකා දුම්කොළ සමාගම සහ ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් යන සමාගම් කොටස්වල මිල ඉහළ යාම් දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට වැඩි දායකත්වයක් ලබා දෙන ලදී.


RECENT ARTICLES - SINHALA

කථානායකට එරෙහි විශ්වාසභංගය ගැන නිදහස් පක්ෂයෙන් තීරණයක්

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය ගෙනඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාට...

කිඹුලාපිටියේ රතිඤ්ඤා මඩුවක සිදු වූ පිපිරීමකින් දෙදෙනෙක් මරුට

කටාන, කිඹුලාපිටිය ප්‍රදේශයේ ගිණිකෙළි නිෂ්පාදන කරනු ලබන ස්ථානයක පසුගියදා හටගත් ගින්නකින් තුවාල ලබා සිටි පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. පසුගියදා (26) සවස ඇති වූ මෙම...

ගම්පහ දුම්රිය ස්ථානයේ ටිකට් කවුළු දෙකක් වහලා

0
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හිඟය හේතුවෙන් ගම්පහ දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් කවුළු දෙකක් අද (28) පෙරවරුවේ වසා දැමීමට සිදුව ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ උසස් නිලධාරියෙක් සඳහන්...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

උසස් පෙළ අවසන් කළ සිසුන්ට සුබ පණිවිඩයක්

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්...