26 C
Colombo
Saturday, May 11, 2024

ආර්ථිකය ගොඩනැංවීමේ වගකීම රවීට දෙන්නැයි ඉල්ලීමක්

- Advertisement -

මේ වනවිට දැඩිලෙස කඩාවැටී ඇති ආර්ථිකය යළි ගොඩනැංවීමේ වගකීම හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් ඇතුලු පිරිස් කිහිපයකින්ම ඉල්ලීම් රැසක් ලැබී ඇති බව වාර්තා වනවා.

අර්බුදයක් අවස්ථාවකදී ආර්ථිකය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් රවී කරුණානායකට වසර ගණනාවක අත්දැකීම් තිබෙන බවත්, එහෙයින් ආර්ථිකය ගොඩනැංවීම සඳහා ඊටත් වඩා සුදුසු පුද්ගලයෙකු නොමැති බවත් එජාප ක්‍රියාකාරීන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙනවා.

යහපාලන ආණ්ඩුවේ මුල් භාගයේදී මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කළ රවී කරුණානායක මහතා ඉන්ධන මිල පහත දැමීම, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විශාල ප්‍රමාණයකින් එකවර ඉහළ දැමීම ඇතුළු සහන රැසක් ලබාදුන් අතර වර්තමානයේදී දැඩි දුෂ්කරතා අත්විඳිමින් සිටින ජනතාවට සහන සැළසීමට කරුණානායක මහතාට හැකිවනු ඇති බවද එජාප ක්‍රියාකාරීන් පවසා තිබෙනවා.

2016 වසරේ මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියක දී රුපියල් බිලියන 15 ක බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් ගොනු කර ඇති චෝදනා 22 ක් අතුරින් චෝදනා 11කින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පසුගිය දෙසැම්බර් 6වැනිදා නියම කළා.


RECENT ARTICLES - SINHALA

නන්දලාල් ජුලී බලන්න ගිහින්

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් සිදුව තිබෙනවා. ඊයේ (10) අමෙරිකානු තානාපති කාර්යාලයේ දී මෙම...

අහුංගල්ල වෙඩි තැබිම පළිගැනිමක්

අහුංගල්ල, මරදාන ප්‍රදේශයේ ඊයේ (10) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීම පළිගැනීමක් බවට අනාවරණය වී තිබෙනවා. සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පසුගිය 8 වනදා අහුංගල්ල ලෝකන්වත්ත...

ජේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත ගැන තීරණයක්

ජේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධ පැහැදිලි විශ්ලේෂණයක් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් තමා වෙත උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ජේෂ්ඨ...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

සා.පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන විමර්ශන

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ(09) පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය whatsapp හරහා සංසරණය වීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව...