29 C
Colombo
Saturday, July 27, 2024

CSN නාලිකාවට අයත් සංඛ්‍යාතය ඔස්සේ ගීත පමණක් විකාශය වන පර්යේෂණ විකාශයක්

- Advertisement -

කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් හෙවත් CSN නාලිකාවට අයත් පිදුරුතලාගල UHF 47 (679.25 MHz) සංඛ්‍යාතය ඔස්සේ ගීත පමණක් විකාශය වන පර්යේෂණ විකාශයක් ආරම්භ කර තිබෙනවා.

CSN රූපවාහිනී නාලිකාව සදහා ලබා දී තිබූ විකාශන බලපත්‍රය 2016 වසරේ දී එවකට පැවති රජයේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ මහතා විසින් අහෝසි කිරීමට කටයුතු කර තිබුණා.

ඒ විකාශන බලපත්‍රයේ සඳහන් වන වගන්ති උල්ලංඝනය කිරීමේ චෝදනා මතයි.

පසුව CSN‬ නාලිකාව නීති විරෝධීව ආයෝජනය කළ බව කියන රු. මිලියන 157.5ක මුදලක් රාජසන්තක කිරීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය 2016 අගෝස්තු 10 වනදා අවසර ලබාදුන්නා.

නීති විරෝධී ලෙස ලැබුණු රුපියල් කෝටි 36.5 ක් කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනය පිහිටුවීම සඳහා යොදා ගත් බවට වන චෝදනාව මත CSN නාලිකාවේ අධ්‍යක්ෂවරුන් වන නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට, අෂාන් රවිනාත් ප්‍ර‍නාන්දු හා කවීෂාන් දිසානායක යන අය රක්ෂිත බන්ධනාගාර ගතවද සිටියා.

උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි මුදල් යොදවා CSN නාලිකාව ආරම්භ කිරීම ඇතුළු චෝදනා යටතේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවකට අදාලව යෝෂිත රාජපක්ෂ මහතාද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

කෙසේ වෙතත් 2020 මැයි 26 වනදා CSN නාලිකාව විසින් ගොනු කල රිට් පෙත්සම අභියාචනාධිකරණයේදී සමථයකට පත්වුණා.

ඒ අනුව 2016.10.23 දින වන විට එම නාලිකාව ලබා දී තිබූ සංඛ්‍යාත ඒ අයුරින්ම නැවත ලබා දීමට කඩිනමින් පියවර ගැනීමට විදුලි සංදේශ නියාමන කොමිසම ද අධිකරණයේදී එකඟතාවය පල කළා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...