24 C
Colombo
Thursday, February 20, 2025

ලෝක කුසලාන අවසන් මහ තරගයේ සිදුකළ බරපතළ වරදක් ගැන අනාවරණයක්

- Advertisement -

දැඩි මතභේදයට තුඩුදුන් එංගලන්තයේදී පැවති 2019 එක්දින ලෝක කුසලාන අවසන් මහ තරගයේ නවසීලන්තයට හිමිවීමට තිබූ ජයග්‍රහණය, එංගලන්තයට හිමිවීමට තරගය අවසානයේ සිදුවූ බරපතළ අත්වැරැද්දක් හේතු වූ බව එම තරගයේ පිටියේ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කළ Marais Erasmus වසර 5කට පසුව අනාවරණය කර තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ එංගලන්ත ටෙලිග්‍රාෆ් පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී.

2019 වසරේ එංගලන්තයේදී පැවති එක්දින ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ සත්කාරක එංගලන්තය සහ නවසීලන්ත කණ්ඩායමයි.

එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 241ක් ලබා ගත්තා.

ලකුණු 242ක ජයග්‍රහී ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට අවසන් පන්දු තුනේදී හිමි වු ඉලක්කය ලකුණු 9ක්.

අවසන් පන්දුවාරයේ සිව්වන පන්දුවට මුහුණදුන් බෙන් ස්ටෝක්ස් මිඩ්විකට් කලාපයට පහරක් එල්ල කරමින් ලකුණු 2ක් කරා පැති මාරු කරගනිද්දී පන්දුව රැකගත් නවසීලන්ත ක්‍රිඩක මාර්ටින් ගප්ටිල් කඩුලු රකින්නා වෙත යොමුකළ පන්දුව බෙන් ස්ටෝක්ස්ගේ පිත්තේ වැදී හතරේ සීමාව කරා ඇඳි ගියා.

එහිදී පිටියේ පිට්යේ විනිසුරුවරු ලෙස කටයුතු කළ කුමාර ධර්මසේන සංඥා කළේ පිතිකරුවන් ලබා ගත් ලකුණු දෙකත්, අතිරේකව ලැබුණු ලකුණු 2ත් සමඟ එංගලන්ත කණ්ඩායමට ලකුණු 6ක් හිමිවිය යුතු බවයි.

නමුත් ක්‍රිකට් නීතිවලට අනුව පිතිකරුවන් ලකුණ සම්පූර්ණ කළ බව සැලකෙන්නේ පන්දු රකින්නාගේ අතින් පන්දුව ගිළිහෙන අවස්ථාවේ පිතිකරුවන් දෙදෙනා පැතිමාරු කරගෙන සිටියහොත් පමණක් වනවා.

නමුත් අවසන් මහා තරගයේ පුනරූපනවලින් පෙනීයන්නේ මාටින් ගප්ටිල්ගේ අතින් පන්දුව ගිළිහෙන අවස්ථාව වනවිට බෙන් ස්ටෝක්ස් සහ ආදිල් රශීඩ් දෙවැනි ලකුණ කරා පැති මාරුකරගෙන නොසිටි බවයි.

අවසානයේ එම තරගයේ ලකුණු සමවීම හේතුවෙන් සුපිරි පන්දුවාරයක් ලබාදුන් අතර සුපිරි පන්දුවාරයේදීද ලකුණු සමවීම හේතුවෙන් වැඩිම හයේ සහ හතරේ පහර එල්ල කළ කණ්ඩායම වූ එංගලන්තයට ලෝක කුසලානය හිමිවුණා.

Marais Erasmusපවසා තිබෙන්නේ යම් හෙයකින් කුමාර් ධර්මසේන එම අවස්ථාවේ ලබාදුන් ලකුණු 6 වෙනුවට ලකුණු 5ක් ලබාදුන්නේ නම් නවසීලන්තයට ලෝක කුසලානය ජයගැනීමට අවස්ථාව තිබු බවයි.

ඒ අනුව සැබැවින්ම එංගලන්ත කන්ඩායමට ලබාදිය යුතු ලකුණු 5 වෙනුවට ලකුණු 6ක් ලබාදීමෙන් තමන් අතින් සිදුවු මෙම වැරැද්ද පිලිබඳ කුමාර ධර්මසේන විසින් ඊට පසුදින ඔවුන් රැඳී සිටි හෝටලයේදී කතාබහ කළ බව Marais Erasmus ඔහු ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කර තිබුණා.

එහිදී කුමාර් ධර්මසේන විසින් ”ඔබ දැක්කද අපි කරල තියන බරපතළ වරද” යනුවෙන් පැවසු බව Marais Erasmus ටෙලිග්‍රාෆ් පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේදි පවසා තිබෙනවා .

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...