සිඩ්නි නගරාසන්නයේ පිහිටි දේවස්ථානයක දී ඇසිරියානු දේවස්ථානයේ බිෂොප්වරයෙකුට සහ එහි සිටි පුද්ගලයින් කිහිපදෙනෙකුට පිහියකින් ඇනීමේ සිද්ධිය ත්‍රස්ත ක්‍රියාවක් බව ඔස්ට්‍රේලියානු පොලීසිය පවසනවා.
ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එරට පොලීසිය පැවසුවේ, ආගමික අන්තවාදය මුල්කරගෙන එම පිහි ඇනුම සිදුකර ඇති බවයි.
නිව් සවුත් වේල්ස් හි පොලිස් කොමසාරිස් කැරන් වෙබ් පවසන්නේ, “සියලු කරුණු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව” එම නිගමනයට එළැඹි බවයි.
සැකකරු 16 හැවිරිදි පුද්ගලයෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
එම පිහි ඇනුමෙන් බිෂොප් මා මාරි එම්මානුවෙල් ඇතුළු සිව් දෙනෙක් තුවාල ලැබූ අතර, සැකකරු පිහියකින් සන්නද්ධව බිෂොප්වරයා වෙත කඩා පනින අයුරු සජීවීව අන්තරජාලය ඔස්සේද විකාශය වී තිබුණා.
ඒ එම බිෂොප්වරයාගේ දේශනය සජීවීව විකාශය වෙමින් තිබූ හේතුවෙන්.
සුළු වෙලාවකින් බොහෝ පිරිසක් එම දේවස්ථානය අසලට රැස්වූ අතර, ඔවුන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ද ඇති වී තිබුණා.
ඒ පොලීසිය බාරයේ සිටි සැකකරුව තමන්ට බාරදෙන ලෙස එම පිරිස ඉල්ලා සිටීම හේතුවෙන්.