ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 මාර්තු මාසයේ දී වාර්තා වූ 2.5% සිට 2024 අප්‍රේල් මාසයේ දී 2.7% ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එමෙන්ම එම දෙපාර්තුමේන්තුව පෙන්වා දෙන්නේ එහිදී 2024 මාර්තු මාසයේ දී 5.0% ක්ව පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2024 අප්‍රේල් මාසයේ දී 3.3% ක් දක්වා පහළ ගොස් ඇති බවයි.
තවද, 2024 මාර්තු මාසයේ දී 0.7% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 අප්‍රේල් මාසයේ දී 2.3% ක් දක්වා වැඩි වී තිබෙනවා.