25 C
Colombo
Wednesday, February 19, 2025

සජබ මන්ත්‍රීවරයෙක් පක්ෂයෙන් දොට්ට

- Advertisement -

දිගින් දිගටම ආණ්ඩුවට පක්ෂව කටයුතු කිරීම හේතුවෙන් සමඟි ජන බලවේගයේ පස්සර සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ්ව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම මෙලෙස අදාළ ඉවත්කිරිම සිදුකරීමට ආසන්නම හේතුව බවයි සමගි ජනබලවේගයේ ප්‍රබලයෙකු සඳහන් කළා.

මේ වන විට සමගි ජනබලවේගයේ පස්සර නව සංවිධායකවරයා ලෙස ලෙත්චුමන් සංජය පත් කර තිබෙනවා.

මිට පෙර වඩිවෙල් සුරේශ් අවස්ථා ගණනකදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ක්‍රියා කාලාපය අගය කරමින් ප්‍රකාශයන් සිදුකර ඇති අතර සමඟි ජන බලවේගයේ නායකත්වයද විවේචනය කළ අවස්ථා දැක ගැනීමට හැකි වුණා.

ඔහුගේ එම ක්‍රියා කලාපයන් පිළිබඳව සමඟි ජන බලවේගය විසින් විනය පරීක්ෂණයක් පැවැත්වීමට සුදානමින් සිටින බවටයි තොරතුරු වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

කොටහේනේදී තරුණයෙක් ඝාතනය කෙරේ

කොටහේන, බ්ලූමැන්ඩල් රේල් පාර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. පොලීසිය පැවසුවේ, එම තරුණයා ඊයේ(18) රාත්‍රි සිය බිරිඳ සමග රේල් පාර අසළට පැමිණි...

ආනයනික ටෙලි නාට්‍යවලින් බදු අය කරන්න මණ්ඩලයක්

ආනයනික ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා වූ බදු අය කරගැනීමට අදාළ සමීක්ෂණ මණ්ඩලය සඳහා සමාජිකයන් පත්කිරීම සිදුකර තිබෙනවා. එම අමාත්‍යාශය සඳහන් කළේ, ඒ අනුව...

පැය 24ම ඇරලා තියෙන පාස්පෝට් කන්තෝරුව

ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අද සිට පැය 24 පුරා විවෘත කර, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරිීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය...

POPULAR ARTICLES

කොටහේනේදී තරුණයෙක් ඝාතනය කෙරේ

කොටහේන, බ්ලූමැන්ඩල් රේල් පාර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. පොලීසිය පැවසුවේ, එම තරුණයා ඊයේ(18) රාත්‍රි සිය බිරිඳ සමග රේල් පාර අසළට පැමිණි...

ආනයනික ටෙලි නාට්‍යවලින් බදු අය කරන්න මණ්ඩලයක්

ආනයනික ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා වූ බදු අය කරගැනීමට අදාළ සමීක්ෂණ මණ්ඩලය සඳහා සමාජිකයන් පත්කිරීම සිදුකර තිබෙනවා. එම අමාත්‍යාශය සඳහන් කළේ, ඒ අනුව...

චමරි WPL තරගාවලියෙන් ඉවතට

මේ වනවිට ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තරගාවලියේ අවසන් අදියරට පෙර ඉන් ඉවත්වීමට නියමිතයි. ඒ ශ්‍රී...