30 C
Colombo
Monday, April 21, 2025

ගංවතුරට හසු වී මිය ගිය කුකුළන් අලෙවි කිරීමේ ජාවාරමක්

- Advertisement -

කුකුළු මස් මිලදී ගැනීමේ දී මේ දිනවල වැඩි අවදානයක් යොමුකළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එහි වැටලීම් සහ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා සඳහන් කළේ, ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් ගංවතුරට හසුවී මියගිය කුකුළන් වෙළෙඳපොළ තුළ මේ දිනවල අලෙවි කිරීම සිදුවන බවයි.

එවැනි කුකුළු මස් පරිභෝජනය ශරීරයට අහිතකර බැවින් ඒ පිළිබඳව වැඩි අවදානයක් යොමුකළ යුතු බව සංජය ඉරසිංහ මහතා පවසනවා.

“ගංවතුරට අහුවෙලා මියගිය කුකුළන්ව සුද්ද කරලා, පැකට් කරලා විකුණන ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබිලා තියෙනවා. අපි මේ ගැන මේ දවස් ටිකේම සුපරික්ෂාවෙන් හිටියා. වැටලීම් කරා. දිවයින පුරාම මේක කරනවා. ඔබත් කුකුළු මස් ගැනීමේ දී මේ ගැන පරීක්ෂා කර බලන්න. විශේෂයෙන්ම මසට ඇති කරන කුකුළන් සුදු පාටයි. මේ කුකුළන් රතු පාටට හුරුයි. මේක කොච්චර උෂ්ණත්වයට තැම්බුවත් විෂබීජ මැරෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ ගැන තොරතුරක් තිබුණොත් වහාම පාරිභෝගික සේවා අධිකාරියට දැනුම්දෙන්න.”

“කැලණි ගඟ ආශ්‍රිතව තමා ගොඩාක් ගබඩා තියෙන්නේ. ගංවතුරට අහුවුණ තැන් තියෙනවා නම් ගොඩක් අඩු මුදලට ඔන්ලයින් භාණ්ඩ ගෙනත් දෙනවා කියලා දැන්වීම් දාලා ඇති යූටියුබ් සහ ෆේස්බුක්වල. මේවට අහුවෙන්න එපා. මේවා පරිභෝජනයට සුදානම් කරපුවා නෙමෙයි. 1977ට කරුණාකරලා මෙහෙම ඒවා දැනුම්දෙන්න.”

RECENT ARTICLES - SINHALA

පොලිසියට යන්න ඉන්නවනම් මෙන්න අවස්ථාව

ශ්‍රී ලංකා පොලීසියට මෙම වසරේදී නිලධාරීන් 5,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඒ අනුව ඉන් නිලධාරීන් 2,000ක් ඉතාමත්...

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය වී තිබෙනවා. ඒ...

දළදා මාලිගාව ළඟ ක්ලීන් ශ්‍රී ලංකා කොඩි එපා

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල කටයුතු අඛණ්ඩව කිරීමට කිසිදු බාධාවක් නැතත් මහනුවර දළදා මාලිගාව සහ ඒ අවට ප්‍රදේශවල ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල ධජ...

POPULAR ARTICLES

මර්වින් සිල්වාට අධිකරණයෙන් නියෝගයක්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (21) අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ ලබන 05 වනදා දක්වායි. කිරිබත්ගොඩ ඉඩම් නඩු සිද්ධියට...