29 C
Colombo
Sunday, June 23, 2024
spot_img

පාසල් දරුවෙක් හදිසියේ ඇදවැටී මරුට

- Advertisement -

පානදුර ප්‍රදේශයේ පාසල් සිසුවෙකු අද (21) දහවල් හදිසියේම ජීවිතක්ෂයට පත්ව ඇති බව පිංවන්ත පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි වියේ පසුවූ සිසුවෙක්.

එම පාසල් සිසුවා මිතුරන් පිරිසක් සමඟ ක්‍රීඩා කරමින් සිටියදී රෝගීව ඇදවැටීම හේතුවෙන් කඩිනමින් රෝහල්ගතකිරීමට පියවර ගෙන තිබුණා.

රෝහල්ගතකර ඇති සිසුවා ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

මියගොස් ඇති පාසල් දරුවා රෝගී තත්ත්වයකින් පෙළෙමින් සිට ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.

මේ අතර පවතින අධික උෂ්ණත්වය හමුවේ පාසල් දරු දැරියන්ට ලබාදිය යුතු මාර්ගෝපදේශයන් සෞඛ්‍ය අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය වෙත නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ හෝ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළකීම, විවේක කාලයේදී සිසුන්ට අධික හිරු එළිය සහිත එළිමහනේ කටයුතු කිරීමට ඉඩ නොදෙන ලෙස මෙන්ම, වැඩිපුර ජලය පානය සහ වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබාදීම වඩාත් සුදුසු බව නිර්දේශ කර තිබෙන බව සඳහන්.

අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා තරඟ හෝ පුහුණුවීම් පැවැත්වීමෙන් වළකින ලෙසද සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත දැනුම් දී තිබුණා.

මෙම කාලගුණ තත්ත්වය හමුවේ දහදිය දැමීම නිසා ඇතිවන විජලනය හා ලවණ ඉවත්වීම නිසා ඇතිවන මස්පිඩු පෙරළීම, අධික මහන්සිය සහ ආඝාත තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් සෞඛ්‍ය අමාත්‍යංශය මෙම මාර්ගෝපදේශයන් අධ්‍යාපන අමාත්‍යංශය වෙත නිකුත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව ගැන දැනුම් දීමක්

පෙර පාසල් ගුරුවරුන් සඳහා වැඩි කළ දීමනාව, මේ මාසයේ සිට ලබාදෙන බව, කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය පවසනවා. විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින්...

මුහුදු යන ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද (23) පෙරවරු 7.00ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට (24) පෙරවරු...

පාසල් අනධ්‍යයන සේවකයිනුත් හෙට අනිද්දා වර්ජනයක

අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් හෙට (24)  සහ අනිද්දා (25) දෙදින ලෙඩ නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය...

POPULAR ARTICLES

සියලුම රථවාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

පොහොය දිනයන්වල මාර්ග තදබදයක් ඇතිවන ලෙස මාර්ග අවහිරවන සේ වාහන නවතා තබන රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...

උසස් පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක්

2024 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බැවින් ඊට පෙර අයදුම්පත්‍ර යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා. ජූලි මස...

පළමු වසරට ළමු​න් ඇතු​​ලු කරන චක්‍රලේඛයේ වෙනසක්

පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. රජය පවසන්නේ, අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන...