ගසක බැඳ තිබූ රෙදි පටියක ගෙල සිරවීමෙන් වයස අවුරුදු 12ක පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ නුවරඑළිය මාගස්තොට පදිංචි පාසල් සිසුවෙක්.
පොලීසිය සැකපළ කරන්නේ සිය නිවස අසළ පිහිටි ගසක රෙදි කැබැල්ලක් බැඳ මෙම දරුවා සෙල්ලම් කරමින් සිට ඇති අතර දරුවාගේ ගෙල අවාසනාවන්ත ලෙස එහි පැටලී ඇති බවයි.
දරුවා නිවස තුළට පැමිණීමට ප්‍රමාද වීම හේතුවෙන් කළ සෝදිසි කිරීමකදී දරුවාගේ සිරුර ගසෙහි එල්ලෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ මෙම දරුවාගේ පියා මීට වසර කිහිපයකට පෙර රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙන අතර එම දරුවාට වැඩිමල් සොහොයුරියන් දෙදෙනෙක් සිටිනවා.
ඔවුන් සිය මව සමග එම නිවසේ වාසය කර ඇති අතර අද (11) පස්වරු 1ට පමණ දරුවා සුපුරුදු පරිදි සෙල්ලම් කිරීම සඳහා නිවසින් පිටතට ගොස් ඇති අතර එහිදී මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වනවා.