මිද්දෙණිය ප්‍රදේශයේ පාසලක ගුරු හිමිනමක් විසින් දරුවෙකුට කළ පහරදීමක් නිසා දරුවා රෝහල්ගත කර තිබෙනවා.
දරුවාගේ මව පවසන්නේ මෙයට පෙරද අවස්ථා කිහිපයක් මෙලෙස පහරදුන් බවයි.
දඬුවම් කිරීම ප්‍රශ්නයක් නොවෙන බව පැවසු මව මෙලෙස දරුවා “හම ගහන්නට“ එපා යැයි තමා එම හිමි නමට කියා සිටි බව තවදුරටත් පවසනවා.
පහරදුන් සිසුවාට පෙර කළ පහරදීම්වල කැළැල් තවමත් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙලෙස දරුණු ශාරීරික හානි පැමිණෙන පරිදි දරුවන්ට පහරදීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් නෛතික ක්‍රියාමාර්ග ගත හැකි බවත් වගකිව යුතු අංශ පවසනවා.