ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට එල්ල වී ඇති දේශපාලන බලපෑම සම්බන්ධව සෙවීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාව ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.
එම කමිටුවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ. ෂා, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උප සභාපති ඉම්රාන් කවාජා සහ බංගලදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති හස්මුල් හක් යන මහත්වරු ඇතුළත්ව ඇති බවයි වාර්තා වන්නේ.