28 C
Colombo
Saturday, July 27, 2024

සටන් විරාමයෙන් පසු පළමුවරට නැවතත් ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ගුවන් ප්‍රහාර මාලාවක්

- Advertisement -

ඊශ්‍රායල හමුදාව බදාදා රාත්‍රියේ ගාසා තීරයේ ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.

ප්‍රහාරයට පෙර දිනයේ ගාසා තීරයෙන් ඊශ්‍රායලය වෙත එල්ල කරන ලද ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන ලදී.

ගාසා තීරයෙන් එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් දකුණු ඊශ්‍රායලයේ ගින්නක් හටගෙන තිබුණු බව ද ආරක්ෂක අංශ පවසා තිබේ.

පලස්තීන නිලප්‍රවෘත්ති සේවය වන යුනිස් (Younis) ගුවන් ප්‍රහාර පිළිබඳ වාර්තා කරමින් ගුවන් ප්‍රහාර මාලාවෙන් දැඩි හානි සිදු ව ඇති බව ද වාර්තා කර තිබේ.

ගාසා හි දකුණු ප්‍රදේශයේ පිහිටි වෙබ් අඩවියක් ඉලක්ක කරගනිමින් ද ප්‍රහාරයක් සිදු ව ඇතැයි එම පුවත් සේවය වාර්තා කරන ලදී.

ගාසා තීරයේ මාසයක පමණ කාලයක් සටන් විරාම ගිවිසුමක් ක්‍රියාත්මක වීමෙන් පසු සිදු කෙරුණු පළමු ගුවන් ප්‍රහාරය මෙයයි.

RECENT ARTICLES - SINHALA

රනිල් බැසිල් හමුවෙදි මොකද වුණේ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (25) පැවත්වුණා. මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා...

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...