28 C
Colombo
Saturday, July 27, 2024

රනිල්ගේ ඉස්කෝලේ සෙට් එකක් මියුසියස් එකට පැනලා

- Advertisement -

කොළඹ රාජකීය විදුහලේ සිසුන් පිරිසක් විසින් කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසක් වන මියුසියස් විද්‍යාල පරිශ්‍රයේ ගේට්ටු බිඳ දමා එම විද්‍යාලයට අනවසරෙන් ඇතුළු වී තිබෙනවා.

කොළඹ රාජකීය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පවතින වාර්ෂික ක්‍රිකට් ගැටුම හා රාජකීය විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය හේතුවෙන් රාජකීය සිසුන් අද (04) පුහුණුවීම්වලට යොදවා තිබුණා.

එලෙස පුහුණුවීම් සඳහා එක්වූ සිසුන් පන්සියයකට වැඩි පිරිසක් අද දහවල් කොළඹ බාන්ස් පෙදෙසේ පිහිටි මියුසියස් බාලිකා විද්‍යාලයට ඇතුළු වීමට උත්සාහ දරා තිබුණු අතර, මියුසියස් විද්‍යාලයේ විදුහල්පතිනිය කළ දැනුම්දීම මත කුරුඳුවත්ත පොලිසියද විද්‍යාලයේ ආරක්ෂාවට යොදවනු ලැබුවා.

මෙම සිසුන් අවස්ථා කිහිපයකදීම පොලිසිය හා ගැටී මියුසියස් විද්‍යාලයේ තාප්පයෙන් පැනීමටත් ගේට්ටුව තල්ලු කිරීමටත් උත්සාහ දැරූ අතර, පොලිසිය විසින් දැඩි පරිශ්‍රමයක් යොදා එම තත්ත්වය පාලනය කර තිබෙනවා.

පසුව සියලුම රාජකීය සිසුන් මියුසියස් බාලිකා විදුහලේ පිහිනුම් තටාකය අසලට එක්වී රාජකීයන්ගේ නාමය උස් හඬින් ආමන්ත්‍රණය කරමින් විසිර ගොස් ඇති තිබුණා.

පොලිසිය රාජකාරි කරමින් සිටින අතරතුර ප්‍රබල ඇමැතිවරයකුගේ පුතකු විසින් කුරුඳුවත්ත වැඩබලන ස්ථානාධිපතිවරයාට තම පියාගෙන් ඇමැතුමක් යැයි කියමින් දුරකතනය ලබාදීමට උත්සාහ කළ අතර ස්ථානාධිපතිවරයා එම දුරකතනය ලබාගැනීම ප්‍රතික්ෂේප කළ බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...