31 C
Colombo
Saturday, July 27, 2024

කොටස් වෙළෙඳපොළේ දරුණු පසුබැස්මක්

- Advertisement -

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (25) දිනයේ දී ඒකක 183.16 ක දැවැන්ත පහළ යාමක් වාර්තා කරන ලදී. මෙය පෙර දිනය හා සැසඳීමේ දී 2.03% ක කඩා වැටීමක් වන අතර දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,828.08 ක් ලෙසින් සටහන් විය.

මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 78.27 කින් පහළ ගොස් ඒකක 2,866.23 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනයට වඩා 2.66%ක පසු බැසීමක් වේ.

අද දින සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 2.10 ක් ලෙසින් සටහන් විය. මෙය මෙම සතිය තුළ දිනක දී වාර්තා වූ අඩුම පිරිවැටුම වේ. එහිදී රු. බිලියන 1.89 ක් දේශීය මිල දී ගැනීම් ලෙසත්, රු. බිලියන 2.03 ක් දේශීය විකිණුම් ලෙසත් වාර්තා වූ අතර රු. මිලියන 115.67 ක් විදේශීය මිල දී ගැනීම් හා රු. මිලියන 65.98 ක් විදේශීය විකිණුම් ලෙසින් වාර්තා විය.

දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, LOLC හෝල්ඩිංග්ස්, හේලීස්, ලංකා IOC හා එයිට්කන් ස්පෙන්ස් යන සමාගම්වල කොටස් මිල ගණන් පහළ යාම් වැඩි වශයෙන් බලපාන ලදී. අද දින සමාගම් 157 කම කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව පහළ ගොස් තිබුණු අතර මිල වැඩි වී තිබුණේ සමාගම් 54 ක පමණි.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...