නෙදර්ලන්ත මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ නෞකාව කඩිනමින් වෙනත් ස්ථානයකට ඇදගෙන යාමට පියවර ගන්නා බව එරට බලධාරීන් පවසනවා.
ඒ අනුව නෙදර්ලන්ත බලධාරීන්ගේ සැලසුම වී ඇත්තේ නෞකාව ඇමලන්ඩ් දුපතෙන් කිලෝමීටර් 16ක් පමණ ඈතකට ඇඳගෙන යාමයි.
මෙම නෞකාවේ මෝටර් රථ 3783ක් ප්‍රවාහනය කරමින් තිබූ බවයි වාර්තා වන්නේ.
ජර්මනිය සිට ඊජිප්තුව දක්වා යාත්‍රා කරමින් තිබූ පැනමාවේ ලියාපදිංචි එම නෞකාවේ ඉන්දීය ජාතිකයින් 21 දෙනෙක් යොදවා සිට තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ අනතුරින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ගින්න හටගන්නා අවස්ථාවේදී අදාළ නෞකාවෙන් නවතම මෝටර් රථ 3783ක් ප්‍රවාහනය කරමින් තිබූ අතර ඉන් 498ක් විද්‍යුත් මෝටර් රථ බව සඳහන්.