25 C
Colombo
Saturday, December 9, 2023

ජාවාරමක් මෙහෙය වූ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට

- Advertisement -

කොළඹ ප්‍රදේශ රැසක මෝටර් රථ සහ යතුරුපැදි සොරකම් කිරීමේ ජාවාරමක් මෙහෙය වූ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් සිදුකළ වැටලීමක වත්තල – ගාමිණී ගුණසේකර මාවතේදී ඊයේ(19) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙම සැකකරු 27 හැවිරිදි පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ මිරිහාන, මහරගම, තලංගම, පිළියන්දල, කහතුඩුව, වැලිකඩ, කඩුවෙල, මාළඹේ, හෝමාගම, කොට්ටාව, අතුරුගිරිය, කැළණිය, හොරණ, අලුබෝමුල්ල, දෙහිවල, කිරුළපන ඇතුළු ප්‍රදේශ රැසක මොහු විසින් මෙම ජාවාරම සිදුකර ඇති බවයි.

මීට අමතරව නිවාස බිඳ දේපළ සොරකම් කිරීමේ සිද්ධීන් කිහිපයකද සැකකරුවෙකු වන මෙම මෘදුකාංග ඉංජිනේරුවා සතුව තිබූ පැහැරගත් මෝටර් රථ 3ක්, යතුරුපැදි 5ක්, රන් භාණ්ඩ, පරිගණක උපාංග සහ නිමි ඇඳුම් තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇති බවට වාර්තා වෙනවා.

තවද, ඔහුට අධිකරණ වරෙන්තු 5ක් ද නිකුත් කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...