මෙගාවොට් 1 සිට 5 දක්වා ධාරිතාවන්ගෙන් යුක් මෙගාවොට් 09ක සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා විදුලි බලාගාර පල්ලෙකැලේ ස්ථාපිත කිරීම කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
මෙගාවොට් 07ක සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර ඉදිකිරීම් සඳහා යෝජනා කැදවීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් 2023-05-22 දින අනුමැතිය ලබා දී තිබුණා.
රජය පවසන්නේ ඒ අනුව, ඉදිරිපත් වූ යෝජනා ඇගයීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් සාර්ථක ව්‍යාපෘති යෝජකයින් 04 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.
එමෙන්ම, ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ නිර්දේශ මත තවත් ආයෝජකයෙකුගේ යෝජනාව ඇගයීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් මේගාවොට් 05ක සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාරයක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස සෝග්‍ය ආයෝජකයෙකු වශයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් එම ආයෝජකයා ද නිර්දේශ කරනු ලැබ තිබෙනවා.
ඵ් අනුව, මුළු ධාරිතාව මෙගාවොට් 09ක් වන පරිදි සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර ඉදිකර ක්‍රියාත්මක කිරීම පිණිස වන කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.