28 C
Colombo
Saturday, July 27, 2024

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැටුප් ගැටලුවේ විසඳුම් කල්යන ලකුණු

- Advertisement -

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැටුප් ගැටලුව විසඳීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව සම්මතවීම තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් අදාළ යෝජනාව ඊයේ (13) රැස්වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාව අඩංගු කරුණු සඳහා මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලබාගැනීමට එහිදී තීරණය වී තිබෙන බවට වාර්තා වනවා.

ඒ අනුව අදාළ යෝජනාව මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලයට යළි ඉදිරිපත් කිරීමට යෝජනා වී තිබෙනවා.

කෙසේවෙතත් සිය ගැටලුවට විසඳුම් ලබාදීම තවදුරටත් ප්‍රමාද වීම හේතුවෙන් ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය දැඩි කිරීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා පවසනවා.

මේ අතර සේවා ව්‍යවස්ථාවක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද සිට දින තුනක් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

පසුගිය සතියේ දින 02ක් අසනීප නිවාඩු වාර්තා කරමින් ග්‍රාම සේවා නිලධාරීන් විසින් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඊට කිසිදු විසඳුමක් ලැබී නොමැති බවයි ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවා.

සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් ලබන මැයි මස 27 වන දින සියලු ග්‍රාම නිලධාරීවරුන් කොළඹට කැඳවා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...