29 C
Colombo
Saturday, July 27, 2024

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

- Advertisement -

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය කර මාසයක් ඉක්මගිය පසු විදුලි බිල ගෙවිය යුතු අතර, බහුතර පාරිභෝගිකයන් සංඛ්‍යාවක් නියමිත වේලාවට විදුලි බිල්පත් ගෙවනු ලබන බවයි.

සාමාන්‍යයෙන් රතු බිලක් නිකුත් කරනු ලබන්නේ මාසයක් ගතවු පසුව බවත්, ඊට අමතරව රතු බිල්පත් නිකුත් කර තවත් දින 10ක සහන කාලයක් ලබාදෙන අතර විදුලිය විසන්ධි කිරීම සිදුකරනු ලබන්නේ ඉන් පසුව වන බවත් විදුලිබල මණ්ඩලය, විදුලිය දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත්, විදුලිබල මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, 2023 වසරේ මුල් මාස 10 තුළදී විදුලිය විසන්ධි කිරීම් හා නැවත සම්බන්ධ කිරීම් 544,488ක් සිදුකර ඇති බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2016 වසරේ සිට 2023 ඔක්තෝම්බර් මාසය දක්වා කාලය තුළ සිදුකළ විදුලිය විසන්ධිකිරීම් සහ නැවත සම්බන්ධ කිරීම්වල දත්තවලට අනුව 2019 වසරේ 573,073ක් විදුලිය විසන්ධිකර නැවත සම්බන්ධ කර ඇති බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

2020 සහ 2021 කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එම අගය අඩු වූ බවත් 2022 විදුලි කප්පාදුව හේතුවෙන් විසන්ධි කිරීම් සීමා වූ බවත් විදුලිබල මණ්ඩලය දැනුම් දෙනවා.

තවද, සාමාන්‍යයෙන් වසරකට නව පාරිභෝගිකයින් 150,000ක් පමණ අලුතින් විදුලි සම්බන්ධතා ලබාගන්නා බවත්, ඒ අනුව 2023 දී 544,488ක් විදුලිය විසන්ධිකිරීම් සහ නැවත සම්බන්ධ කිරීම් සිදුකර තිබීම 2019 වසර හා සැසඳීමේදී සාමාන්‍ය තත්ත්වයක් බවද විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...