31 C
Colombo
Friday, May 3, 2024

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

- Advertisement -

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් අප්‍රේල් මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය දැනුම් දෙන්නේ දෙන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය බත්තරමුල්ල, ශ්‍රී සුභූතිපුර පාරේ පිහිටි “සුහුරුපායේ” 16 වැනි මහලෙහි ඇති නව කාර්යාල පරිශ්‍රය වෙතට රැගෙන යාමේ කටයුතු හේතුවෙන් මෙම දින දෙක තුළ එම සේවාවන් තාවකාලිකව අත්හිටුවන බවය

එම දෙදින තුළ යාපනය, ත්‍රිකුණාමලය, කුරුණෑගල, මහනුවර සහ මාතර යන නගරවල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල සාමාන්‍ය කාර්යාල වේලාවන්හි මහජනතාවට විවෘතව පවතින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරනවා.

ලේඛන සත්‍යාපනය සඳහා වූ අයැදුම්පත් සාමාන්‍ය පරිදි මෙම ප්‍රාදේශීය කාර්යාල වෙත ඉදිරිපත් කළ හැකි අතර සත්‍යාපනය කරනු ලැබූ ලේඛන යළි අයැදුම්කරුවන් වෙත ලබා දෙනුයේ මැයි 02 වන බ්‍රහස්පතින්දා දින බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

එමෙන්ම, සිදුවිය හැකි කිසියම් අපහසුතාවන් මඟහරවා ගැනීම සඳහා, සත්‍යාපනය කිරීම පිණිස යම් හදිසි ලේඛන ඇතොත් ඒවා 2024 අප්‍රේල් මස 26 වැනි දින පස්වරු 4.15 ට පෙර කොළඹ පිහිටි කන්සියුලර් අංශයට හෝ ඕනෑම ප්‍රාදේශීය කන්සියුලර් කාර්යාලයකට භාරදෙන ලෙසට විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

ඒ අනුව මැයි මස 02 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි බත්තරමුල්ල, ශ්‍රී සුභූතිපුර පාරේ පිහිටි “සුහුරුපායේ” 16 වැනි මහලෙහි ඇති නව කාර්යාල පරිශ්‍රයේ සඳුදා සිට සිකුරාදා තෙක් පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා සාමාන්‍ය කාර්යාල වේලාව තුළ මහජනතාවට කොන්සියුලර් සේවාවන් සැපයීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරන අයට එරෙහිව පියවර

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් රටට ඇතුළුවීමේදී On Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමක් වෙත පවරා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව බව...

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ගැන දැනුම්දීමක්

2024, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මැයි මස 21 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, කොළඹ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...