උත්සව සමය වෙනුවෙන් හෙට (05) සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ, උත්සව සමයේ ගම්බිම් බලා යන මගීන්ගේ පහසුව වෙනුවෙන් එම තීරණය ගත් බවයි.
ඒ අනුව විශේෂ බස් රථ 200කට ආසන්න සංඛ්‍යාවක් ධාවනයට එක් කිරීමට නියමිත බව ඔහු ප්‍රකාශ ක:ආ.
මේ අතර උත්සව සමය වෙනුවෙන් ලබන 10 වැනි දා සිට දෛනිකව විශේෂ දුම්රිය සේවා 12ක් යෙදවීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කළේ, එම දුම්රිය සේවා ලබන 15 වැනි දා දක්වා ක්‍රියාත්මක බවයි.
අවුරුදු නිවාඩුව සඳහා ගම්බිම් බලා යන සහ නැවත පැමිණෙන ජනතාව වෙනුවෙන් මෙම විශේෂ දුම්රිය සේවා යෙදවීමට තීරණය කර තිබෙනවා.