27 C
Colombo
Saturday, March 22, 2025

ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය ගැන විශේෂ සාකච්ඡාවක්

- Advertisement -

බස්නාහිර හා සබරගමුව පළාත්වල වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (04) විශේෂ සාකච්ඡාවක් පැවැත්වනු ලබනවා.

ඒ, අදාළ පළාත්වල අධ්‍යාපන බලධාරීන්ගේ සහභාගීත්වයෙන්.

ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් අද රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව සමගද සාකච්ඡා පවත්වන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා සඳහන් කළා.

සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් චාමර බමුණු ආරච්චී මහතා පැවසුවේ, සබරගමුව පළාතේ ද 10 ශ්‍රේණිය ඉංග්‍රිසි දෙවන ප්‍රශ්න පත්‍රය පිටවීම පිළිබඳව ද විධිමත් පරීක්ෂණයක් ආරම්භ කෙරෙන බවයි.

ඔහු සඳහන් කළේ, මේ වනවිට 10 ශ්‍රේණිය ඉංග්‍රිසි දෙවන ප්‍රශ්න පත්‍රය නැවත සකස් කර ඇති බවයි.

එය එළඹෙන බදාදා දින සිසුන්ට පෙර පරිදි විභාහගයක් පවත්වා ලබා දෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, මධ්‍යම පළාතේ අවසාන වාර විභාග පරීක්ෂණ සඳහා ලබා දෙන ප්‍රශ්න පත්‍ර ද විභාගයට පෙර පිටවී ඇත්දැයි සෙවීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට උපදෙස් දුන් බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සඳහන් කළා.

ඔහු සඳහන් කළේ, මෙතෙක් එවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බවයි.

කෙසේ වෙතත් පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යය ඔස්සේ නිකුත් වීම සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, පොලිස්පතිවරයා මේ වනවිට පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ...

ගණේමුල්ල සංජීව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ බවට සැකපිට ඊයේ (21) තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,  කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්...

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

POPULAR ARTICLES

හීත්‍රෝ ගුවන් ගමන් යළි අරඹයි

තාවකාලිකව අත්හිටුවා තිබූ එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපොළේ ගුවන්ගමන් නැවත ආරම්භ කර තිබෙනවා. එම ගුවන්තොටුපොළට විදුලිය සපයන විදුලි උපපොළක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් ඊයේ (21) දවස...