25 C
Colombo
Saturday, December 9, 2023

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද 

- Advertisement -

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද (20) කැඳවා තිබෙනවා.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පැවසුවේ, දහවල් 12 ට එම පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බවයි.

අද පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙන්නේ කෝප් කමිටුවේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.

වත්මන් කෝප් කමිටුව අඛණ්ඩව පවත්වාගෙන යන්නේද නැත්නම් එය විසුරුවා ඒ සඳහා නව සාමාජිකයින් පත්කරන්නේද යන්න පිළිබඳව එහිදී සාකච්ඡා කෙරෙනු ඇති බව නියෝජ්‍ය කතානායක සඳහන් කළා.

නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් නොපවත්වන බව කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබුණා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් විමර්ශනයට අදාළව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සම්බන්ධයෙන් මතු වූ විවේචනාත්මක තත්ත්වයෙන් පසුවයි.

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...