26 C
Colombo
Tuesday, May 21, 2024

කාලගුණයෙන් විශේෂ දැනුම් දීමක්

- Advertisement -

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් අද (14) ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර පළාතේ උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පෙන්වා  දෙන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතියි.

මේ අතර, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.

 දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතිනවා.

ඒ අනුව, අද දිනයේ (14) දහවල් 12:10 ට නයිනතිව්, පුන්කුඩුතිව්, මණ්ඩයිතිව්, මනල්කාඩු සහ උඩුතුරෙයියන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති.

RECENT ARTICLES - SINHALA

වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ පදවිය,...

ගසක් කඩා වැටීමෙන් දුම්රිය ධාවනයට බාධා

දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටී දුම්රිය ධාවනයට බධා එල්ලවී තිබෙනවා. කොට්ටාව සහ පන්නිපිටිය අතර දුම්රිය මාර්ගයට මෙලෙස ගසක් කඩාවැටී ඇති බවට වාර්තා වනවා. ඒ හේතුවෙන් කැලණිවැලි දුම්රිය...

කසිප්පු පෙරූ එස්.අයි. ගේ වැඩ තහනම්

කවරක්කුලම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අතරතුර මිහින්තලේ තම නිවෙසේ කසිප්පු නිෂ්පාදනය කළ බව කියන උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩතහනම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික්ක...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...